Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දැරියක පැහැර ගැනීමේ සැකකාර නගර සභාපතිගෙන් ප්‍රශ්න කෙරේ  

Add comments

දැරියක පැහැර ගැනීම හා විකිණීම සම්බන්ධයෙන් නුවරඑළිය ලිදුල නගර සභාවේ සභාපති සහ තවත් නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුලු සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ඔවුන්ගෙන් මේ වන විට දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් සිටිනවා.

පස් හැවිරිදි මෙම දැරිය පැහැරගෙන ගොස් තිබුණේ 2017 වසරේ දී ආගරපතන පෝර්ට්මෝර් වත්ත ප්‍රදේශයේ දීයි. මේ සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය සිදුකළ විමර්ශනයකට අනුව සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලවාකැළේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල, එම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන ඉෂාර අනුරුද්ධ මංචනායක යන අය ඇතුලු තවත් සැකකරුවන් දෙදෙනෙකු ඒ අතර වනවා. සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG