දෙමටගොඩ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව ඔක්තෝබර් මස 8 සහ 9 යන දිනවල විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කළා.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගී වන බැවින් අධිකරණයේ අද (07) පෙනී සිටීමට නොහැකි බවයි ඇයගේ නීතිඥවරයා දැන්වුයේ. එය සනාථ කිරීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ලිපියක් අධිකරණයට ඉදිරිපත් කෙරුනා. ඒ අනුව නඩු විභාගය ඔක්තෝබර් මස අට සහ නවය යන දිනවලට කල් තැබීමට මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා නියෝග කළා. සිද්ධිය සම්බන්ධ චෝදනාවලට සෙසු විත්තිකරුවන් හත් දෙනෙකු වරද පිළිගැනීමෙන් පසු ඔවුන්ට අත්හිට වූ සිර දඩුවම් නියම කිරිමටයි කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග කළේ.
2015 වර්ෂයේ දෙසැම්බර් මස 21 වන දින දෙමටගොඩ දී පැහැරගෙන ගොස් පහරදීමට අදාළ චෝදනා 29 ක් යටතේ නීතිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇයගේ කාර්ය මණඩලයට අයත් සේවකයන් පස් දෙනෙකු ඇතුළු විත්තිකරුවන් නව දෙනෙකුට මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.
Post a Comment