ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී සිදුකෙරුණා. නවයයි පහ, ආනන්ද රාත්‍රී , සකිසඳ වැනි රූපවාහිනී වැඩසටහන් තුළින් නොමඳ සහෘද ප්‍රසාදයට ලක්වූ හේම නලින් කරුණාරත්න ගැඹුරු කටහඬකට හිමිකම් කී මාධ්‍යවේදියෙක්. හදිසියේ මිය යනවිට ඔහු 56 වන වියෙහි පසුවුණා. හෙරිටේජ් ටී වී නමින් කේබල් රූපවාහිනී නාලිකාවක් ආරම්භ කරමින් මෙරට සංස්කෘතික වටිනාකම් ලොවට කියන්නට කැප වුණු ඔහු ඊට දැක්වූ දැඩි කැමැත්ත නිසාමයි. ඔහු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු ලෙස තරුණ පරපුරට අතදුන් ගුරුවරයෙක්. වාද්දුව, තල්පිටියේ දී මෙලොව එළිය දුටු හේම නලින් කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.
අභාවප්‍රාප්ත හේම නලින් කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මහජන නියෝජිතයින් , මාධ්‍යවේදීන් කලාකරුවන් ඇතුළු විශාල පිරිසක්ද එක්ව සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ශෝක පණිවුඩය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඉදිරිපත් කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝක පණිවුඩය ඉදිරිපත් කළේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතායි.
අකාලයේ අප අතරින් නික්මයන සහෘදයාණනි අයි ටී එන් මාධ්‍ය ජාලයේ සාතිශය සංවේගය සමග අපගේ පැතුම වන්නේ ඔබ යළි අප අතරටම පැමිණේවායි යන්නයි.
Post a Comment