Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රත්නපුර කලවාන ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමේ  

Add comments

පාලමක පැති බැම්මක් කඩා වැටීම හේතුවෙන් රත්නපුර කලවාන ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

රත්නපුර නිවිතිගල හරහා කලවාන සිංහරාජ මාර්ගයේ දෑල කම්බදොල ප්‍රදේශයේ පිහිටි පාලමේ පැති බැම්මක් කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩාල වුණා. රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ ඩී ඒ සේරසිංහ මහතාගේ උපදෙස් මත මාර්ගයේ වාහන ධාවන කටයුතු මේ වන විට තාවකාලිකව නවතා දමා තිබෙනවා. මෙම මාර්ගය භාවිත කරමින් මතුගම,කළුතර,සිංහරාජ,අයගම,රක්වාන ආදි ප්‍රදේශවලට බොහෝ පිරිසක් ගමන් ගන්නා අතර තාවකාලිකව විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කලවාන ප්‍රදේශයේ සිට පැමිණෙන්නන්ට හංගමුව පලාවෙල මාර්ගයත් දෑල හරහා මාරපන රත්නපුර මාර්ගයත් භාවිත කරන ලෙසයි පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙන්නේ. මේ අතර රත්නපුර සහ කලවාන ඩිපෝවල මැදිහත් වීමෙන් මගී ජනතාවගේ ගමනාගමන කටයුතු සදහා  වැඩපිලිවෙලක් සකස් කර තිබෙනවා.

මේ අතර ධාරණිපාත වර්ෂාවත් සමග දියගල නොර්ටන් මාර්ගයේ ලොනෙක් ප්‍රදේශයට විශාල ගලක් පෙරළිමෙන් මාර්ගයේ ධාවන කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා.මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි නොර්ටන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG