ස්වදේශවාදී සහ ජනතාවාදී දැක්මක් සහිත වඩා හොඳ සංවර්ධනයක් රට තුළ ඇති කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අපේක්ෂාව වන අතර ඊට ශක්තිමත් දායකත්වයක් සැපයිය හැකි නිෂ්පාදන ආර්ථීකයක්, දේශීය චින්තනයක් සහ ජනතාවාදී දැක්මක් සහිත ප්‍රබල ව්‍යාපාරයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට කැපවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ කොළඹ අපේගම පරිශ්‍රයේදී රැස්වූ අවස්ථාවේදී පක්ෂයේ ඉදිරි කටයුතු වෙනුවෙන් නව නිලධාරි මණ්ඩලය තෝරාපත් කර ගැනුණු අතර එහිදී පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත්කර ගැනිණි.
එහිදී අදහස් දැක්වූ රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ගත් විට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවමත් තනි පවුලකට සීමා වී තිබුණද 1952 වසරේ බණ්ඩාරනායක පවුලෙන් ඇරඹි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අද වන විට ඈත ගමක ගොවි පුතෙකු වෙත හිමිවන අන්දමට පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී වී ඇති බවයි.
සමාජ විකාශනය, සමාජ සංවර්ධනය සහ සමාජ අභිවෘද්ධිය පිළිබඳ කතාකරන විට පහළ සමාජ පංතිය වෙත ලැබී ඇති මෙම නායකත්වය හරහා මේ රටේ දිළිඳු ජනතාවගේ අභිවෘද්ධිය ඇති කිරීම වෙනුවෙන් සියලූදෙනා සාමුහිකව ඒකරාශිවීම පක්ෂයට අද දවසේ පැවරී ඇති ප්‍රමුඛ වගකීම බව ද ඒ මහතා කියා සිටියේය.
Post a Comment