රජයට ගෙවිය යුතු මුදල් නොගෙවා නිසි බලපත්‍රයක් නොමැතිව,සංඛ්‍යාත භාවිත කිරීමට කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට නෛතික බලයක් නැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවධාරණය කරනවා. ටෙල්ෂාන් සමාගමේ පොල්ගහවෙල ක්‍රියාත්මක විකාශන කුළුණේ සම්ප්‍රේක්ෂණ යන්ත්‍ර භාවිත කිරීමට අදාල ගාස්තු ගෙවා බලපත්‍රයක් ලබා නොගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොමිෂන් සභාව මේ බව අවධාරණය කරනවා. මෙම විකාශන මධ්‍යස්ථානය මගින් විදුලි සංදේශ පනතේ අංක 22 වගන්තිය උල්ලංඝනය වන පරිදි අනෙකුත් බලපත්‍ර ලබාදී ඇති රජයේ විකාශනයන්ට බාධාවන පරිදි වරින්වර දීර්ඝ කාලයක් භාවිතකර තිබෙනවා. මෙම නීතිවිරෝධී විකාශනය නවත්වන ලෙසට 2016 වසරේ අප්‍රේල් 27 වනදා ලිපියක් මගින් දැනුම්දී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සදහන් කරනවා. එම නියෝග නොසලකා හරිමින් විකාශන කටයුතු සිදුකර ඇති බවද මෙම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.
Post a Comment