Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ සම්පූර්ණ කෙරුණු නව ව්‍යාපෘති 180ක්  

Add comments

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ආරම්භ කළ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ මේ වන විට දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවී තිබෙනවා.

පිබිදෙමු පොළොන්නරුව රජයේ සංවර්ධන වැඩසටහන යටතේ සම්පූර්ණ කෙරුණු නව ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පත් කිරීමට සූදානම් බවයි රජය නිවේදනය කරන්නේ. එම සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීම ලබන මස එක, දෙක සහ තුන යන දිනවලදී  සිදු කෙරෙනු ඇති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘති ජනතා අයිතියට පත්කිරීම සිදුවනවා. පොළොන්නරුවේ අලුතින් ජනතා අයිතියට පත් කෙරෙන සංවර්ධන ව්‍යාපෘති 180 සඳහා රජය වැයකොට ඇති මුදල රුපියල් මිලියන 2144ක්. නව යහපාලන රජය බලයට පත්වීමෙන් පසු සමස්ත පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන වැඩසටහන් මාළාව සඳහා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මෙහෙයවීම යටතේ වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 6000ක් ඉක්මවනවා. අලුතින් විවෘත කෙරෙන සංවර්ධන ව්‍යාපෘති අතර පාසල් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති 110ක් ඇතුලත්. ඊට රජය වැය කළ මුදල රුපියල් මිලියන 665ක් ඉක්මවනවා. සෞඛ්‍ය සම්බන්ධ ව්‍යාපෘති 15ක් ද ජනතා අයිතියට පත් කෙරෙනු ඇති. ඒ සඳහා රුපියල් මිලියන 890ක් වැය කෙරෙන බවයි රජය නිවේදනය කරන්නේ. රුපියල් මිලියන 19.1 ක වියදමින් සම්පූර්ණ කළ පානීය ජල ව්‍යාපෘති 3ක් ද ජනතා අයිතියට පත් කෙරෙනු ඇති. නිවාස, පොදු පහසුකම්, රංග ශාලා, ආගමික ස්ථාන ඇතුලු පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් යටිතල පහසුකම් රැසක් මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකර තිබෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG