Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනතා සුව සේවාව වෙනුවෙන් ලොවම ඇගයූ ඇමැති රාජිතට උපහාර  

Add comments

ජනතා සුව සේවාව වෙනුවෙන් කළ මෙහෙවරට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට උපහාර පිරිනැමෙනවා. ඒ වෙනුවෙන් සංවිධාන කළ උපහාර උත්සවය නෙළුම් පොකුණ රඟහලේ දී අනිද්දා පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විටත් සිදුකර ඇති කාර්යයන් ජාත්‍යන්තර ඇගයීමට ලක්ව තිබෙනවා. ඒ මහතාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරය පසුගිය මැයි මාසයේ ජිනීවා නුවර පැවති වාර්ෂික සැසි වාරයේ දී පිරිනැමෙන්නේ මෙය වඩාත් තහවුරු කරමින්. රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු විශේෂ කාර්යයන් රැසක් ආරම්භ කළා. ඉන් ප්‍රධාන කාර්යයක් වන්නේ ඖෂධ මිල පහළ දැමීමයි. එමෙන්ම හෘද සැත්කම් සඳහා ස්ටෙන්ස් නොමිලේ ලබා දීම, පාසල් ආසන්නයේ දුම්වැටි අලෙවිය තහනම් කිරීම, දුම්වැටි සඳහා බදු වැඩි කිරීමට ද අමාත්‍යවරයා පියවර ගත්තා. පිළිකා රෝගීන් සඳහා සියලු ඖෂධ නොමිලේ ලබා දීමට ක්‍රියා කෙරෙනවා. පැණි බීම සඳහා වර්ණ සංඥා හඳුන්වා දීම‍ට ද තීරණය කළේ රාජිත සේනාරත්න මහතායි. අමාත්‍යවරයාගේ මෙම මෙහෙවරට උපහාර පිරිනැමීම සඳහා උපහාර උළෙල සංවිධාන කරන්නේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය එක්වයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාසියා ෆෙන්සේ මහත්මිය ද ඊට සහභාගී වීමට නියමිතයි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG