
ජාතික පාසල් අනතුරේ විදුහල්පතිවරු ඉවතට යනුවෙන් ඉරිදා දිවයින පුවත්පතේ සදහන් වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා. මෙවැනි කිසිදු අවදානමකට විදුහල්පතිවරුන් මුහුණ දී නැති බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,
කොළඹ විශාඛා, දේවි බාලිකා, ගම්පහ රත්නාවලී, මහනුවර පුෂ්පදාන උසස් බාලිකා සහ මාතර සුජාතා යන පාසල් ඇතුළු පාසල් 20 ක පමණ විදුහල්පතිවරුන් මෙම ගැටලුවට මුහුණ දී ඇති බව ඉරිදා දිවයින පුවත්පත සදහන් කරනවා. එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ ජාතික පාසලක වසර අටකට අධික සේවා කාලයක් සම්පූර්ණ කළ විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි. එකම පාසලක වසර ගණනාවක් රැදී සිටින ඇතැම් විදුහල්පතිවරුන්ට දූෂණ චෝදනා එල්ල වී ඇති බැවින් දරුවන්ගේ යහපත උදෙසා මෙම තීරණය ගෙන තිබෙනවා. වර්තමානයේදී ස්ථාන මාරුවීම් ක්‍රමවේදය නිසියාකාරයෙන් ක්‍රියාත්මක වුවද පසුගිය පාලන කාලය තුළ විධිමත් මාරුවීම් ක්‍රියාවලියක් සිදු නොවූ බව බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙනවා. රාජ්‍ය සේවයේ මෙන්ම අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථාන මාරුවීම් වසර හයකට වරක් සිදු කෙරෙනවා. එහෙත් පසුගිය කාලය තුළ එම මාරුවීම් සිදුවූයේ දේශපාලන හිතවත්කම් මත පමණයි. ඒ හේතුවෙන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීම මත වසර දහයකට වැඩි කාලයක් එකම පාසලේ සේවය කළ ගුරුවරුන්ට ස්ථාන මාරු ලබාදීම ක්‍රියාත්මක කෙරුණා. අධ්‍යාපන පරිපාලන සේවයේ එකම ස්ථානයක වසර අටකට වැඩි කාලයක් සේවය කරන නිලධාරීන්ට මාරුවීම් ලබාදීමට අවසර ලැබී තිබෙනවා. මෙම ක්‍රමවේදයෙන් බැහැරව ස්ථාන මාරුවීම් සිදු නොවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටින්නේ. එහෙත් ජාතික පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමට බලපෑම් කරන ඇතැම් පිරිස් එම ඉල්ලීම් ඉටු නොවන අවස්ථාවලදී අසත්‍ය වාර්තා පළ කිරීමට උත්සාහ දරමින් සිටින බවයි අමාත්‍යාංශය චෝදනා කරන්නේ.
Post a Comment