
නිදන් හාරමින් සිටි හත් දෙනෙකු සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු අනුරාධපුර හිදෝගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුරාධපුර නෙළුබෑව ප්‍රදේශයේ ගෙවත්තක නිදන් හාරමින් සිටියදියි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඒ සදහා යොදා ගත් උපකරණ රැසක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා. සැකකරුවන් අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Post a Comment