Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රට ගොඩනගන ග්‍රාමශක්ති මෙහෙයුම අද සබරගමුවේදී  

Add comments

දිළිදුකම පිටුදැකීමේ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සබරගමුව පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ රත්නපුර පළාත් සභා ශ්‍රවනාගාරයේ දීයි.

සබරගමු පළාත තුළ ග්‍රාමශක්ති ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරය සහ එහි ඉදිරි සැලසුම් පිළිබද මෙහිදී පූර්ණ අවධානයක් යොමු කෙරෙනවා. මෙතෙක් රට තුළ ක්‍රියාවට නංවා තිබෙන දිළිදුකම පිටුදැකීමේ ජනතා ව්‍යාපාර අතුරින් ග්‍රාමශක්ති ව්‍යාපාරය විශේෂ වනවා. ඒ යැපුම් මානසිකත්වයෙන් මිදී ජනතාවට ස්වොත්සාහයෙන් නැගී සිටීමට නිසි මං පෙන්වන සහ අත්වැල සපයන ව්‍යාපෘතියක් වීම නිසයි. ග්‍රාම ශක්ති වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක ගනේගම නිෂ්පාදන ගම්මානයේ කටයුතු ඇරඹීම ද අද සිදු කෙරෙනවා. එම ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට ද ජනාධිපතිතුමා එක්වීමට නියමිතයි. මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව සිය ප්‍රසාදය පළ කරනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG