Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාව හා කුවේටය අතර සබදතා තර කෙරේ  

Add comments

ශ්‍රී ලංකාව හා කුවේට් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබද සාකච්ඡා කිරීම සදහා කුවේට් රාජ්‍යයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අලි සුලෙයිමාන් අල් සයිඩි මහතා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා මුණ ගැසුණා.

ද්විත්ව බදුකරණය වැළැක්වීම, සංස්කෘතික ජනමාධ්‍ය අධ්‍යාපනික යනාදී ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා. ශ්‍රමිකයන් බදවා ගැනීම හා මිනිස් බල සංවර්ධනය යනාදිය පිළිබදව දෙරට අතර ඇති ගිවිසුම් ක්‍රියාත්මක කිරීමද මෙහිදී සාකච්ඡාවට ගැනුණා. කුවේට් නියෝජිත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද්විපාර්ශ්වික කටයුතු පිළිබද අතිරේක ලේකම් සුමිත් නාකන්දල මහතා සහ නිලධාරීන් හමු වී දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ගැනද සාකච්ඡා කළා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG