Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙල්ලන්කුලම ගොවිපොළෙන් සාර්ථක කජු අස්වැන්නක්  

Add comments

කිලිනොච්චිය වෙල්ලන්කුලම ගොවිපොළෙන් මෙවර සාර්ථක කජු අස්වැන්නක් ලැබි තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවයි එය පවත්වාගෙන යන්නේ. මේ තුළින් තම අතමිට ද සරු වී ඇති බව පුනරුත්ථාපනය කෙරුණු එල්ටීටීඊ හිටපු සාමාජිකයන් පවසනවා.

කිලිනොච්චිය වෙල්ලන්කුලම ගොවිපොලේ කජු අස්වනු නෙලීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. අක්කර 317 ක කජු වගාවකින් එය සමන්විතයි. මේ වන විට කිලෝග්‍රෑම් විසිපන්දහසකට අධික කජු අස්වැන්නක් ලැබි ඇති බවයි ගොවිපොළ නිලධාරීන් පවසන්නේ. යුද හමුදා සෙබලුන් මෙන්ම යුද හමුදාවට බදවා ගත් පුනරුත්ථාපනය කෙරුණු හිටපු එල්ටීටීඊ සාමාජිකයන්  දායක වී සිටිනවා. ජාතික ආර්ථිකයට දැවැන්ත දායකත්වය මෙන්ම තම පවුල්වලටද මෙමගින් ශක්තියක් ලැබී ඇති බව ඔවුන් පවසනවා. ප්‍රදේශයේ සෙසු පවුල්වලටද මෙම ගොවිපොළ මගින් ආදායම් මාර්ග විවරව පවතින බව කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන මහතා අයිටීඑන් ප්‍රවෘත්ති වෙත ප්‍රකාශ කළා.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන,

ගොවිපොළ කටයුතුවලට උර දි සිටින පිරිස් දැක්වූයේ මෙවන් අදහසක්,

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG