Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්තාන ඡන්ද මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්  

Add comments

පාකිස්තානයේ ඡන්ද මධ්‍යස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පාකිස්තානයේ ක්වෙට්ටා නගරයේ ඡන්ද මධ්‍යස්ථානයකටයි මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ. තවත් විශාල පිරිසක් සිද්ධියෙන් තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා සදහන් කළා.

පාකිස්තාන මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද උදෑසන ආරම්භ වුණා.  මැතිවරණයෙන් පී ටී අයි පක්ෂයේ නායක හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ට වැඩි වාසි හිමිවන බවට මත පළවී තිබෙනවා. ඡන්ද ප්‍රකාශ කිරීම සදහා මිලියන 106 කට ආසන්න ජනතාවක් ලියාපදිංචි වී ඇති බව එරට වාර්තා සදහන් කරනවා. ආසන 272 ක් සදහා පාක්ෂිකයන් තෝරා ගැනීමටයි මෙම මැතිවරණය පැවැත්වෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG