Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදලට පැවරීම හෙට  

Add comments

ජාතික, ආගමික හා භූගෝලීය වශයෙන් කීර්තියට පත් රෝස තිරුවානා කන්ද පිහිටි ජාතික නාමල් උයන අනාගත පරපුරට සුරක්ෂිත කොට දැකබලා ගැනීමටත්, සංචාරක ආකර්ෂණය ඇති කොට සංවර්ධනය කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ගිවිසුමක් මඟින් පවරා දීම හෙට (26) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික නාමල් උයනේ දී සිදු කෙරේ.

ජාතික නාමල් උයන සුවිශේෂී පරිසර පද්ධතියක් මෙන් ම ජාතික වශයෙන්, භූගෝලීය, ආර්ථික, සමාජීය හා ආගමික වශයෙන් වැදගත් වන බැවින් මෙම පියවර ගැනීමට ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පසුගිය දා තීරණය කළහ.1991 වර්ෂයේ ජාතික නාමල් උයන ආරම්භ කොට ඇත.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG