
මඩකලපුව තාලන්කුඩා ප්‍රදේශයේ පාසල් නොයන දරුවන් පිරිසක් හදුනාගෙන ඇති අතර ඔවුන්ගේ දෙමව්පියන්ට මේ පිළිබද අවවාද කෙරුණා.
පොලිස් නිලධාරීන් සහ ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් එක්ව ආරයන්පති , තාලන්කුඩා ප්‍රදේශයේ නිවෙස් ආශ්‍රිතව පසුගියදා විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. පාසල් යන වයසේ පසුවන ළමයින් විසිදෙනෙකු පමණ එහිදී සොයා ගැනුණා. එම දරුවන් පාසල් නොයා නිවෙස්වල රැදී සිටින බවටයි තොරතුරු ලැබී ඇත්තේ. පාසල් යන වයසේ පසුවන මෙම දරුවන් අධ්‍යාපනය සදහා යොමුකරවීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ඒ සදහා කටයුතු නොකළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලීසිය දෙමව්පියන් වෙත දැනුම් දුන්නා.
Post a Comment