Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉම්රාන් ඛාන්ට සුබ පතමින් පාකිස්ථානය පුරා ප‍්‍රීතිඝෝෂා  

Add comments

හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක ඉම්රාන් ඛාන්ට සුබ පතමින් පාකිස්ථානය පුරා ප‍්‍රීතිඝෝෂා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ මහ මැතිවරණයෙන් පෙරමුණ ගැනීමට ඔහු සමත්ව ඇති බවට තොරතුරු වාර්තාවීමත් සමග. පැය 13 ක කාලයක් පුරා ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකර තිබෙනවා. රජයක් පිහිටුවීම සදහා ආසන 137 ක බලය එක් පක්ෂයකට හිමිවිය යුතු බවයි එරට මැතිවරණ කොමිසම සදහන් කළේ. මේවන විටත් ආසන සියයකට වැඩි සංඛ්‍යාවක බලය හිමිකරගැනීමට ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු පී ටී අයි පක්ෂය සමත්වී සිටිනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG