Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බන්ධනාගාර රැඳවූවන්ගේ ගැටලු විසඳීමට නව ක්‍රමවේදයක්  

Add comments

බන්ධනාගාර රැඳවූවන්ගේ ගැටලු ඍජුවම විමර්ශනය කරන වැඩසටහනක් ආරම්භ කරන බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා. බූස්ස බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළා.

බූස්ස බන්ධනාගාර පරිශ්‍රය වෙත ගිය අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය එහි අඩු පාඩු සොයා බැලුවා. ඒවා කඩිනමින් සකස් කරන ලෙසයි අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. බන්ධනාගාර රැඳවූවන්ගේ ගැටලු විසඳීමට නව ක්‍රමවේදයක් සකස් කරන බව ද අමාත්‍යවරිය ප්‍රකාශ කළා. දෙපා පණ නැති ටුටූ නමැති සුනඛයා සඳහා බූස්ස බන්ධනාගාරයේ රැඳවූවෙකු සකස් කළ රෝද සහිත පුටුව නිරීක්ෂණය කළ අමාත්‍යවරිය එවැනි නිර්මාණ බිහි කිරීම සඳහා රැඳවූවන්ට තාක්ෂණික දැනුම ලබා දෙන ලෙසද දැනුම් දුන්නා. බූස්ස බන්ධනාගාරය තුළ රැඳවූවන් තුන්සිය හැට දෙනෙකු පමණ සිටින අතර වසර පහකට නොඅඩු වරදකරුවන් මෙහි රඳවා තිබෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG