
ඇමෙරිකා පැසිපික් කලාපීය හමුදා ප්‍රධානී ජනරාල් රොබට් බ්‍රවුන් මහතා ඇතුළු දූත පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. දූත පිරිස අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා මුණගැසී සාකච්ඡා පැවැත්වූවා. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු වැඩබලන තානාපති රොබට් හිල්ටන් , තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ නිලධාරිනී ජොආනා එච් ප්‍රිචර්ට් ඇතුළු මහත්ම මහත්මීන් දූත පිරිසට ඇතුළත් වුණා. මේ සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන් සහභාගි වුණා.
Post a Comment