
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කරනවාද නැද්ද යන ගැටලුව හේතුවෙන් දකුණු පළාත් සභාව තුළ උණුසුම් තත්ත්වයක් හට ගත්තා. දකුණු පළාත් සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන සාකච්ඡා කිරීම සඳහා අද (24) පෙරවරුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැස්වුණා. එහිදී නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කරනවා ද නැද්ද යන්න ගැන මහඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ මතය ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියා. අනතුරුව තවත් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අශෝක ධනවංශ මහතා ඊට පිළිතුරු ලබා දුන්නා. මහඇමති ශාන් විජේලාල් මහතා තම මතය ඉදිරිපත් කිරීමත් සමග සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තා. සන්ධාන මන්ත්‍රී වීරසුමන වීරසිංහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින් හේවගේ යන මහත්වරුන් විවාදයට එක්වීමත් සමග පැයකට ආසන්න කාලයක් සභාවේ කටයුතු ඇණ හිටියා.
Post a Comment