Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප‍්‍රධානියාගේ ඇප ඉල්ලීම යළි ප‍්‍රතික්ෂේප වෙයි  

Add comments

ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප‍්‍රධානී කුසුමදාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාගේ ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය යළි ප‍්‍රතික්ෂේප කළා. ඒ සැකකරුවන් ලබන 7 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට ද නියෝග කරමින්. අල්ලස් පනතේප‍්‍රතිපාදන අනුව අල්ලස් නඩුවක් ඉක්මණින් විභාග කර අවසන් කළ යුතු බවට ප‍්‍රතිපාදනයක් ඇතත්, මෙම නඩු විභාගයේ සිදුවන ප‍්‍රමාදයන් සුවිශේෂී කරුණක් ලෙස සලකා ඇප ලබාදෙන ලෙසයි විත්තිකරුවන්ගේ නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලීමක් කළේ. එභෙත් එය සුවිශේෂී කරුණක් ලෙස සැලකිය නොහැකි බව ප‍්‍රකාශ කළ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් තරංග දිසානායක මහතා ඔවුන් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG