
ඉන්ධන හිඟයක් ඇති බවට ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙනවා. ඉන්ධන බෙදා හැරීම පිළිබඳ ඇතැම් පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන යන අතර ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි එම සංස්ථාව සඳහන් කරන්නේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු සියලුම ඉන්ධන පිරවුම්හල්වලට අවශ්‍ය තොග ලබා දීමට කටයුතු කර ඇති බව එම සංස්ථාව සඳහන් කරනවා. ඒ හේතුවෙන් කිසිදු ගැටලුවකින් තොරව නිසි ආකාරයෙන් ඉන්ධන බෙදා හැරීම සිදුවන බවයි එම සංස්ථාව අවධාරණය කරන්නේ.
Post a Comment