Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බිඟු ජනපද නමින් මීමැසි පාලන කලාප පිහිටුවීමේ වැඩපිළිවෙළක්  

Add comments

බිඟු ජනපද නමින් මීමැසි පාලන කලාප පිහිටුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.මීමැසි පාලනය මගින් මීපැණි නිපදවීම සඳහා ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක්ම ඉතා උචිත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදු කළ පර්යේෂණවලදී හෙළිව තිබෙනවා.

එහෙත් මේ වන විට මෙරට මීපැණි නිෂ්පාදනය ජාතික අවශ්‍යතාවට හෝ ප්‍රමාණවත් නැහැ. මේ හේතුවෙන් වාර්ෂිකව මෙරටට මීපැණි ආනයනය සඳහා අතිවිශාල මුදලක් වැය කෙරෙනවා. පසුගිය වසරේ ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 466 ක්. මීමැසි පාලනය වියදම් දැරීමට සිදුවන කටයුත්තක් නොවන අතර එය ඉතා කුඩා භූමියක පවා සිදු කළ හැකි කාර්යයක් වනවා. ඒ පිළිබඳ අවධානය යොමුකර බිඟු ජනපද නමින් පාලන කලාප කිහිපයක් දිවයිනේ ස්ථාපනය කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මේ සඳහා අවශ්‍ය මීමැසි පෙට්ටි දසදහසක් ඉදිරි මාස හය තුළ නොමිලේ බෙදා හැරීමට නියමිතයි. මීමැසි පාලනය සඳහා අවශ්‍ය තාක්‍ෂණය ,  උපකරණ හා නිෂ්පාදන අලෙවි කිරීමට අවශ්‍ය වෙළෙඳපොළ සොයා දීම සඳහා ද කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත් වනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG