
පෙරහැරක අලින් තුන්දෙනෙකු කුලප්පු වීමෙන් 30 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.කහවත්ත මිහිදු මහා පුරාණ විහාරයේ 80 වෙනි මිහිදු පෙරහැර ඊයේ රාත්‍රියේ විථී සංචාරය කළා.
එහි ගමන් කළ අලියෙකු කුලප්පු වී දිව යාමට පටන් ගෙන තිබෙනවා. ඒ සමගම තවත් අලින් දෙදෙනෙකු කුලප්පු වී මෙම පහර දිම සිදු කළ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. එක් අලියෙකු වෙළදසැලකට ද ඇතුළු වී එහි තිබූ දෑ විනාශ කර පිටව ගොස් තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූවන් කහවත්ත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයේ පසුවූ 10 දෙනෙකු රත්නපුර රෝහලට මාරුකර යවා තිබෙනවා. තුවාලකරුවන් අතර වයස අවුරුදු 03ක කුඩා දරුවෙකු සහ පොලිස් නිලධාරියකු ද වන බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
Post a Comment