Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙක්සිකෝ ජනපතිවරණයේ ජය ලෝපේස්ට  

Add comments

මෙක්සිකෝ ජනාධිපතිවරණයේ ජය වාමාංශික අපේක්ෂක අන්ද්‍රෙස් මැනුවල් ලෝපේස් ඔබ්රාදෝර්ට හිමිව තිබෙනවා. ඊයේ දිනයේ පැවැත් වූ ඡන්ද විමසීමෙන් 53%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට ඔහු සමත් වුණා.

ඔබ්රාදෝර්ගේ ජය සමරමින් මෙක්සිකෝවේ නගර රැසක ජනතාව ප්‍රීතිඝෝෂා නගන බවයි වාර්තා වන්නේ. මෙක්සිකෝවේ ජනාධිපතිවරණය , පාර්ලිමේන්තු මැතිවරණය හා පළාත් ඡන්ද ප්‍රකාශ කිරීම  ඊයේ පැවැත්වුණා. දේශපාලන ප්‍රචණ්ඩක්‍රියා මධ්‍යයේ එම මැතිවරණ පැවැත් වූ  බවයි මෙක්සිකෝ වාර්තා සදහන් කරන්නේ. මෙවර ඡන්ද ප්‍රකාශ කිරීම සදහා මිලියන 88ක පිරිසක් සුදුසුකම් ලබා සිටියා. පසුගිය සැප්තැම්බර් මාසයේ ආරම්භ වූ මෙක්සිකෝ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී ඡන්ද අපේක්ෂකයින් සහ දේශපාලන සහායකයින් 130 දෙනෙකු පමණ ඝාතනය වී තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG