
කෞතුක වටිනාකමින් යුත් ඇත්දළ යුගළ දෙකක් සමග සැකකරුවෙකු පිලිමතලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.පිලිමතලාව පමුනුව ප්‍රදේශයේ නිවසක ඇත්දළ යුගළ දෙකක් අලෙවි කිරීමට සූදානම් කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකෙරුණා.
මහනුවර මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්ත දිසා පුරාවස්තු ආරක්‍ෂණ විශේෂ ඒකකයේ නිලධාරීන් උපාය දූතයන් ලෙස ඇත්දළ මිලදී ගැනීමට යන මුවාවෙන් එම වැටලීම සිදුකර තිබෙනවා. ඇත්දළ යුගළයක් රුපියල් ලක්‍ෂ 55 බැගින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවයි වාර්තා වන්නේ. එක් දළ යුගළක් ඓතිහාසික පස්ගම දේවාලයෙන් සොරකම් කළ බවට පොලීසිය සැක කරනවා. මෙම පෞරාණික ඇත්දළ සම්බන්ධයෙන් පුරාවිද්‍යා වාර්තාවක් කැදවීමට ද කටයුතු කර තිබෙනවා. ඊට සම්බන්ධ සැකකරු ද මෙහිදී අත්අඩංගුවට ගැනුණා. සැකකරු අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
Post a Comment