
කෝටි ගණන් රජය විසින් වියදම් කර ජනතාවට දුම්රිය සේවා ලබාදීමට වත්මන් රජය කටයුතු කරන බවත්, එසේ රජය කටයුතු කරන විටදී මහජනතාවගේද මෙම දුම්රිය සේවාව රැකගැනීමට වගකීමක් හා යුතුකමක් තිබෙන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අවධාරණය කරයි. විශේෂයෙන් දුම්රිය මැදිරි ඇතුලත වන විනාශකාරී ක්‍රියාවන් වැළැක්වීම සඳහා අද සිට සිවිල් ඇදුමින් නියුතු දුම්රිය ආරක්ෂක නිළධාරීන් දුරගමන් සේවා සඳහා යොදාගන්නා දුම්රිය වලට යෙදවීමට කටයුතු කරන බවත් මෙහිදී යම්කිසි අයකු මෙම විනාශකාරී ක්‍රියාවන් වල යෙදී අසුවුවහොත් පොදු දේපළ විනාශ කිරීමේ පනත යටතේ සිර දඩුවම් ලබාදීමටත්, සිදුවු අලාභය අයකරගැනීමටත් කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.
නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම කරුණු අවධාරණය කළේ දේශීය නිශ්පාදකයින් විසින් නවීකරණය කරන ලද මැදිරි 10 කින් යුතු විශේෂ දුම්රිය අද (02) දින පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයෙන් මාතර බලා පිටත්කිරීමට සංවිධානය කර තිබු උත්සව අවස්ථාවකට සහභාගීවෙමිනි.
වත්මන් රජයේ අයවැය යෝජනාවකට අනුව දේශීය කර්මාන්තකරුවන් දිරි ගැන්වීමේ හා නඟා සිටුවීමේ අරමුණින් පැරණි අබලන් වු දුම්රිය මැදිරි 200 ක් පූර්ණ පහසුකම් සහිතව නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් 2017 වසරේ ජනවාරි මස ආරම්භ කළ අතරමේ වන විට දුම්රිය මැදිරි 25 ක් නවීකරණය කොට ධාවනය සඳහා යොදා ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
තවදුරටත් කරුණු දැක්වු අමාත්‍යවරයා ,
” මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේදී වෘත්තීය සමිති විසින් විශාල විරෝධතාවයක් දියත් කරා. දුම්රිය පෞද්ගලික අංශයට විකුණන්න යන බව ඔවුන් කීවා. නමුත් අද එසේ කියපු රත්මලාන දුම්රිය වැඩපළේ සේවකයින් ඇතුලු වෘත්තීය සමිති නායකයින් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔවුන් එක්ක දුම්රිය සේවය නඟා සිටුවීමට කටයුතු කළ හැකිද ඇමතිවරයාට හෝ රජයට පමණක් දුම්රිය සේවය නගා සිටුවන්න බැහැ. ඒකට අප සියලු දෙනාම එක්විය යුතුයි.”
ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ එම නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහත්වරුන් ඇතුලු අමාත්‍යාංශ ලේකම්, ජී. එස්. විතානගේ, දුම්රිය සාමාන්‍යාධිකාරී මහනාම අබේවික්‍රම යන මහත්වරුන් ඇතුලු නිළධාරීන් පිරිසක් මෙම දුම්රිය මැදිරියන් නිරීක්ෂනය කිරීම සඳහා කොළඹ කොටුවේ සිට මොරටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් කරන ලදි.
Post a Comment