Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දුනීසියාව සෙලවෙයි  

Add comments

රිච්ටර් පරිමාණ ඒකක 6.4ක ප්‍රබල භූ කම්පනකින් ඉන්දුනීසියාවට බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ හේතුවෙන් පුද්ගලයින් දොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා තිබෙනවා. ඉන්දුනීසියාවේ උතුරු ලොම්බොක් ප්‍රදේශයේ නිවාස කිහිපයක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. කිලෝමීටර් හතක් පමණ පොළොව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා. ප්‍රසිද්ධ සංචාරක දූපතක් වන බාලි දූපතට නුදුරින් භූ කම්පනය හටගෙන ඇති අතර ඒ හේතුවෙන් සුනාමි අවදානමක් නිකුත් කර නැති බව සදහන්. පසු කම්පන හතළිහක් පමණ සිදුව ඇති අතර ප්‍රදේශ රැසකට විදුලි බලය ඇණහිට තිබෙනවා. කෙසේ නමුත් උතුරු ලොම්බොක් ප්‍රදේශය සංචාරකයින් සදහා තාවකාලිකව වසා දමා තිබෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG