
ගැටුම් හේතුවෙන් ලෙබනනයට සංක්‍රමණය වී සිටි සිරියානුවන් නවසියයක් නැවතත් සිය රටට පැමිණ තිබෙනවා. එම ජනතාව නැවතත් ඔවුන්ගේ ගම්බිම්වල පදිංචි කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවයි සිරියා සරණාගතයින් පිළිබද වූ ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දුන්නේ.
ත්‍රස්තවාදීන් හා සිරියා හමුදා අතර ඇති වූ ගැටුම් හේතුවෙන් සිරියානුවන් රැසක් විවිධ රටවල් කරා සංක්‍රමණය වී තිබෙනවා. මේ අනුව සිරියාවේ සිට ලෙබනනය බලා සංක්‍රමණය වූ තවත් සිරියානුවන් එක්දහස් දෙසීයක් ඉදිරියේදී නැවතත් සිරියාවට එවීමටයි ලෙබනන් බලධාරීන් පියවර ගෙන තිබෙන්නේ. ලෙබනනයේ සිරියානු සරණාගතයින් මිලියනයක් පමණ රැදී සිටිනවා.
Post a Comment