
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති වි තිබෙන ලැව් ගිනි තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අවතැන් වූ පිරිස තිසි අටදහසකට අධික බවයි එරට වාර්තා සදහන් කරන්නේ. පවතින දැඩි සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගින්න මැඩ පැවැත්වීම ඉතා අසිරු වී තිබෙනවා.
ලැව් ගින්න පැතිර යාමෙන් නිවාස පන්සියයක් පමණ විනාශ වී ඇති අතර අක්කර හතලිස් අටදහසක පමණ භූමි ප්‍රදේශයක ගින්න පැතිර ගොස් තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවන භටයින් දොළෙසේ දහසක් පමණ යොදවා ඇති බවයි ඇමෙරිකා වාර්තා සදහන් කරන්නේ.
Post a Comment