Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමාජ මාධ්‍ය නියාමනයට යෝජනාවක්  

Add comments

සමාජ මාධ්‍ය නියාමනයකට ලක් කළ යුතු බවට බ්‍රිතාන්‍ය පර්යේෂණ වාර්තාවක් මගින් යෝජනා කර තිබෙනවා. දත්ත අවභාවිතය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඩිජිටල් සංස්කෘතික මාධ්‍ය හා ක්‍රීඩා කමිටුව පසුගියදා පර්යේෂණයක් සිදු කළා. ඒ ව්‍යාජ තොරතුරු සහ පුවත් ප්‍රචාරය පිළිබඳ කේම්බ්‍රිජ් ඇනලටිකා සමාගමට එල්ල වූ චෝදනා මුල්කරගනිමින්. එහි ප්‍රථම විමර්ශන වාර්තාවට අනුවයි සමාජ මාධ්‍ය දැඩි නියාමනයකට ලක් කළ යුතු බවට යෝජනා කර ඇත්තේ. මෙම කමිටුවේ වාර්තාව හෙට (29) නිල වශයෙන් එළිදැක්වීමට නියමිතයි. පෞද්ගලික දත්ත හැසිරවීම හා මිනිසාගේ අදහස් පිරිහීම හේතුවෙන් බ්‍රිතාන්‍යය ප්‍රජාතන්ත්‍රවාදී අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවට ද වාර්තා පළ වී තිබෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG