Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිටපු  බුද්ධි අංශ සෙබලුන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ  

Add comments

පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කරවීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නාවික හමුදා හිටපු  බුද්ධි අංශ සෙබලුන් දෙදෙනා වන කස්තුරිගේ ගාමිණි සහ තුෂාර මෙන්ඩිස් යන අය මේ මස 31වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කොට ප්‍රගතිය ලබන 31 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය රහස් පොලීසියට නියෝග කළා. 2008 වසරේ අගෝස්තු මස 8 වනදා සිට සැප්තැම්බර් 17 වනදා දක්වා කාලය තුළදී පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කරවීමට අදාලවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. මේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී කේ පී දසනායක ඇතුළු සැකකරුවන් පිරිසක් ඇප මත මුදා හැර තිබෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG