
උතුර, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වල සිහින් වැසි ඇතිවිය හැක.හම්බන්තොට දිස්ත්‍රික්කයේවිටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස28වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (31)දහවල් 12.10ටමුසල්කුට්ටි, තුඩරික්කුලම් , කුඩාගම , මැදියාව සහ මන්කානෛ යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස28වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (30)දහවල් 12.10ටතාරාකුන්ඩු, පල්ලෙමඩු, පුතූර්, පුදුකුඩුඉරුප්පු සහ කෝකිලායි යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.
කන්කසන්තුරය සිට මුලතිවු හරහා ත්‍රීකුණාමලයදක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයකසවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසිහෝගිගුරුම්සහිතවැසිඇති විය හැකිඅතරදිවයින වටා වන සෙසුමුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.කොළඹ සිටගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවලසුළං බස්නාහිර දෙසින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවලසුළං නිරිත දෙසින් හමයි. සුළගේ වේගය පැ.කී.මී.30-40 පමණ වේ.හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.එවිට, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Post a Comment