
බංගලිදේශයේ ශිෂ්‍ය විරෝධතාවක් අතරතුර හටගත් ගැටුමකින් පුද්ගලයන් දස දෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා. ඒ අතර විශ්ව විද්‍යාල සිසුන් ද සිටින බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම හටගෙන තිබෙනවා. සිසුන් විසුරුවා හැරීම සඳහා රබර් උන්ඩ ප‍්‍රහාරයක් එල්ල කිරිමට ද ආරක්ෂක අංශ කටයුතු කළා. තුවාල ලැබූ තවත් සිසුන් 115 දෙනෙක් ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Post a Comment