
ශ්‍රී ලංකා මහ බැංකුවේ 68 වන සංවත්සරයට සමගාමීව විශේෂ දේශනයක් බැංකු පරිශ්‍රයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා විශේෂ දේශනය පැවැත්වූවා. මුදල් මුද්‍රණය කිරීමේ බලය මහ බැංකුව සතු වුවද රටේ ආර්ථිකයට ගැලපෙන අයුරින් කටයුතු කිරීම මහ බැංකුවේ වගකීම බව ඒ මහතා පෙන්වා දුන්නා. ජනතාවගේ මෙන්ම පාර්ලිමේන්තුවේ විශ්වාසය තහවුරු වන ලෙස එම කටයුතු සිදුකළ යුතු බවයි විජේවර්ධන මහතා කියාසිටියේ. මෙහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමරස්වාමි මහතා ප්‍රකාශ කළේ මූල්‍ය ප්‍රතිපත්තිය අද වනවිට යහපත් තත්ත්වයකට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව තුළ සැළකිය යුතු වෙනස්කම් සිදුකිරීම හා දේශපාලන සහාය නිසි අයුරින් හිමිවීම හේතුවෙන් බවයි.
Post a Comment