Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වනජීවීන්ට පහර දුන් දහයක් අත්අඩංගුවට  

Add comments

මින්නේරිය වනජීවී නිලධාරීන්ට පහර දුන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ද සිටිනවා. මින්නේරිය ජාතික වනෝද්‍යානයට ඇතුළු වී ධීවර කටයුතු වල නිරත වූවන් වැටලීමට වනජීවී නිලධාරීන් කටයුතු කිරීමත් සමග ගැටුමක් ඇති වුණේ පෙරේදා දිනයේදී. එහිදී වනජීවී නිලධාරීන් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය සහ හබරණ පොලීස් ස්ථාන ඒකාබද්ධව පරීක්ෂණ පැවැත්වුවා. ඒ අනුව එම පොලිස් ස්ථාන දෙකේ නිලධාරීන් ඊයේ රාත්‍රියේ මෙහෙයුමක් සිදු කළා. එහිදී සැකකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වුනා. ඒ අතර හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකු ද වනවා. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG