Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ධීවර වරායන් හි ඉදිකිරීම් කඩිනමින්  

Add comments

ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ධීවර වරායන් හි ඉදිකිරීම් ලබන වසර මුලදී ආරම්භ කිරීම සදහා කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ  (28) එකඟතාවක් ඇතිකර ගත්තා. මෙම එකඟතාව ඇතිකර ගැණුනේ ශ්‍රී ලංකාවේ කොරියා තානාපති ලී හියොන් මහතා සහ ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි. එහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක්වුණේ බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරීමේ කටයුතු කඩිනම් කිරීම පිළිබදවයි. අදාළ ඉදිකිරීම් කටයුතු ලබන මාසය ඇතුළත අවසන් කිරීමට දෙරටේම නියෝජිතයින් එකඟත්වය පළකළා.

මේ සදහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනයන් සිදුකර ඇත්තේ කොරියාවේ සාගර සහ ධීවර අමාත්‍යාංශයේ ඉහළ පෙළේ කණ්ඩායමක්. ව්‍යාපෘතිය සදහා අවම පොලියක් යටතේ ණය පහසුකම් සැපයීමට කොරියාව තීරණයකර තිබෙනවා. උඩප්පුව, ඩෙල්ෆ්, මාදගල් සහ වලෙයි යන ප්‍රදේශවල බහුකාර්ය ධීවර වරායන් ඉදිකෙරෙනවා. මෙහි ප්‍රථම බහුකාර්ය ධීවර වරාය ලෙස ඩෙල්ෆ් වරාය වැඩිදියුණු කිරීමට තීරණය කෙරුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG