Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමති අගමැති හමුවෙයි  

Add comments

ජපාන විදේශ කටයුතු අමාත්‍ය නකානේ කසුයුකී මහතා නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියා. ඒ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද හමු වුණා. ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියේ ඊයේ (28) රාත්‍රියේදී. ඒ මහතා පිළිගැනීමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනචි සුගනුමා මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා. මේ අතර ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා පැවැත්වූවා. හමුව අරලියගහ මන්දිරයේදී අද (29) පෙරවරුවේ පැවැත්වුණා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG