Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානයෙන් ශ‍්‍රී ලංකාවට නාවික මුර යාත‍්‍රා දෙකක්  

Add comments

නාවික මුර යාත‍්‍රා දෙකක් අද(29) ශ‍්‍රී ලංකාවට පිරිනමන බව ජපාන තානාපති කාර්යාලය ප‍්‍රකාශ කළා. ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතාගේ මූලිකත්වයෙන් එය සිදුවන්නේ කොළඹ වරායේ දී. මෙරට සංචාරයේ නිරත රාජ්‍ය අමාත්‍යවරයා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද සාකච්ඡා පැවැත්විමටයි කටයුතු යොදා තිබෙන්නේ. මෙරට සමුද්‍ර ආරක්ෂාව වර්ධනය හා සමුද්‍ර සීමා පාලනය ශක්තිමත් කිරිමට මුර යාත‍්‍රා යොදාගත හැකි බවයි ජපානය සඳහන් කළේ.
මේ අතර ඇමරිකාවේ වෙරළාරක්ෂක ෂර්මන් නෞකාවද නාවික හමුදාවට නිල වශයෙන් භාරදී තිබෙනවා. ඒ හවායි දූපතේ හොනොලුලුහිදී. එය ඇමරිකාව ශ‍්‍රී ලංකාවට ලබාදුන් දෙවන වෙරළ ආරක්ෂක නෞකාවයි. නාවික හමුදාව සතු වූ විශාලතම නෞකාව ලෙසටයි ෂර්මන් නෞකාව සැලකෙන්නේ. එය ශ‍්‍රී ලංකාවට ලඟාවීමට පෙර ශාන්තිකර සාගරය හා ඉන්දියන් සාගරය ආවරණය වන පරිදි දින 40ක පමණ පුහුණු වැඩසටහනකට ද සහභාගී වනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG