
බහුආංශික තාක්ෂණික හා ආර්ථීක සහයෝගීතාව සඳහා ඛෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් (BIMSTEC) හතරවන රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (29) පෙරවරුවේ නේපාලය බලා පිටත්ව ගියේය.
මෙම මස 30 සහ 31 දිනවලදී නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන සමුළුවේ තේමාව වී ඇත්තේ ,ඛෙංගාල බොක්ක සාමකාමී සශී්‍රක සහ තිරසර කලාපයක්, බවට පත් කිරීම යන්නයි.
බිම්ස්ටෙක් සමුළුව බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 කින් සමන්විත කලාපීය හවුලකි.
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ, ඛෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථීක සහයෝගීතාවය ඇති කිරීමයි. වාණිජ, ආයෝජන, තාක්ෂණ, සංචාරක, මානව සම්පත් සංවර්ධනය, කෘෂිකර්ම, ධීවර, ප්‍රවාහනය හා සන්නිවේදනය ඊට ඇතුළත්ය.
අධ්‍යාපන වෘත්තීය හා තාක්ෂණික ක්ෂේත්‍ර සඳහා පුහුණු හා පර්යේෂණ පහසුකම් එකිනෙකට සැපයීම ද මෙහි අරමුණකි. ආර්ථීක, සමාජ, තාක්ෂණික හා විද්‍යාත්මක ක්ෂේත්‍ර සඳහා ක්‍රියාකාරී සහයෝගීතාවයක් සහ අනෝයාන්‍ය සහයෝගිතාවය මෙමගින් සිදු කෙරේ.
බිම්ස්ටේක් සංවිධානය 1997 ජූනි මාසයේදි තායිලන්තයේ බැංකොක් අගනුවර පැවති අමාත්‍ය මට්ටමේ සැසි වාරයකින් පසු ස්ථාපනය කෙරිණි.සමුළුවට සමගාමීව ජනාධිපතිතුමා නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ඕලි සහ නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි භණ්ඩාරි මහත්මිය සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
නේපාල ජනාධිපතිනිය සමග පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර තරුණ සංවර්ධන ක්ෂේත්‍රයේ සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුම් දෙකකට රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැඛෙනු ඇත.
එමෙන්ම සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයින් කිහිපපලක් සමග ද ජනාධිපතිතුමා ද්වි පාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.
මේ අතර ජනාධිපතිතුමා බුදුන්වහන්සේ උපත ලද ලූම්බිණි නුවර ද සංචාරයකට එක්වීමට නියමිතව තිබේ.
Post a Comment