Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රෝගීන් ගැන කතා කරන්න කවුරුත් නෑ – මහාචාර්ය කොල්වින් ගුණරත්න  

Add comments

වසර අසූවකට වඩා පැරණි ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනත සංශෝධනය කිරීමේ වැදගත්කම බොහෝ දෙනා අවධාරණය කරනවා. රෝගීන්ගේ අයිතිවාසිකම්  අමතකකර වෛද්‍යවරුන් තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් පමණක් සටන් කරන තත්ත්වයක් උද්ගතවීමට පනතේ පවත්නා අඩුපාඩු ද හේතුවක් වී ඇති බවයි බොහෝ දෙනා ප්‍රකාශ කරන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද පෙරවරු අටට අවසන් කෙරුණා. සිංගප්පූරු නිදහස් වෙළෙද ගිවිසුම හැර ඔවුන්ගේ අනෙක් ඉල්ලීම් සියල්ලම ඉදිරිපත් කර ඇත්තේ වෛද්‍යවරුන්ගේ පාර්ශ්වයෙනුයි. වැටුප් හා දීමනා වැඩිකර ගැනීම ඒ අතර පවතිනවා.

ඉදිරියේ දී වර්ජන රැල්ලක්ම පැමිණෙන බව ද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා. මෙම වර්ජන පිටුපස ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන වෘත්තීය සමිති බව බොහෝ මාධ්‍ය මගින්ද හෙළිකර තිබෙනවා. රාජ්‍ය ආයතන අකර්මන්‍යකර ආණ්ඩුවට බලපෑම් කිරීම මෙහි අරමුණ බව පැහැදිලි යි. කෙසේ වුවද මෙම වර්ජන පිළිබදව ජනතාව තුළ ඇත්තේ දැඩි පිළිකුළක්.

ඇතැම් වෛද්‍යවරුන්ට මෙසේ අත්තනෝමතික ලෙස කටයුතු කිරීම සදහා අවස්ථාව සැලසී ඇත්තේ වෛද්‍ය ආඥාපනත සංශෝධනය නොකිරීම හේතුවෙන් බව ඇතැමුන් ප්‍රකාශ කරනවා.  වෛද්‍ය සභාවට පත්වන බොහෝ දෙනා වෛද්‍යවරුන් වන බැවින් රෝගීන් පිළිබද කතා කිරීමට කිසිවෙකුත් නැති බවයි එම සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG