
මහත් ආන්දෝලනයට තුඩුදුන් තායිලන්ත ගුහාවේ අතුරුදන් වූ යොවුන් පාපන්දු කණ්ඩයමේ දරුවන් ඔවුන්ගේ තාවකාලික පැවදි භාවය ඊයේ අත්හරිනු ලැබුවා.
තායිලන්ත ගුහාවේ අතුරුදන් වූ යොවුන් පාපන්දු කණ්ඩයමේ දරුවන් දින 09 ක් සදහා සාමණේර භික්ෂුන් වහන්සේ ලෙස තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වුණා. මාසා ප්‍රදේශයේ බෞද්ධ ආශ්‍රමයක භාවනා සහ බෞද්ධ ආගමික කටයුතු වල නිතර වෙමින් ඔවුන් පැවදි දිවිය ගත කළා. එක් දරුවෙකු ක්‍රිස්තියානි භක්තියෙකු වූ බැවින් ඔහු මීට සහභාගී වුණේ නැහැ. විපත් සමය සිහිපත් කිරීමේ තායිලන්ත සම්ප්‍රදායට අනුවයි මෙම කටයුතු සිදු කෙරුණේ. බෞද්ධ පිරිත් සජ්ඣායනා , ආගමික කටයුතු හා සංස්කෘතික උත්සවයකින් පසු ඔවුන් තම පවුල් වල පිරිස් සමග එක්වුණා. යොවුන් පාපන්දු ක්‍රීඩකයින් දොලොස්දෙනා හා ඔවුන්ගේ පුහුණුකරු තායිලන්තයේ තාම්ලුවාන් ගුහාවේ අතරමං වුණේ පසුගිය ජූනි 23 වනදායි. දින ගණනාවයක දැවැන්ත මෙහෙයුමකින් අනතුරුවයි ඔවුන් බේරා ගැනුනේ. ඒ සදහා තායිලන්ත මෙන්ම ජාත්‍යන්තර මෙහෙයුම් අංශද එක්වුණා.
Post a Comment