Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැති ඇමති වැටුප් වැඩි කිරීමට ඉඩ නොදෙන බව ජනපති පවසයි  

Add comments

මැති ඇමති වැටුප් වැඩි කිරීමට තීරණය කළේ සියලු පක්ෂ නායකයන්ගේ එකඟතාවයෙන් බවට ඉරිදා පුවත්පත්වල පළ වී තිබුණ ද ඒ කවර යෝජනාවක් වුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවත්, තමා කිසිසේත් එවැන්නකට ඉඩ නොතබන බවත් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

ඉකුත් වසර තුන තුළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සහ මැති ඇමතිවරුන්ගේ වැටුප් සහ දීමනා වැඩි කිරීමට විටින් විට කටයුතු කර ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා, ඒ අවස්ථාවලදී ජනාධිපතිවරයා හැටියට තමාගේ වැටුප වැඩි කිරීමට පැමිණි යෝජනා තමා තරයේ ප‍්‍රතික්ෂේප කළ බව ද සඳහන් කළේය. ජීවන වියදම ඉහළ යෑම ඇතුළු ආර්ථික ගැටලු බොහෝමයක් විසඳා ගැනීමට උත්සාහ ගනිමින් සිටින මේ අවස්ථාව මැති ඇමති වැටුප් වැඩි කිරීමට කොහෙත්ම සුදුසු නොවන බව ද වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පිබිදෙමු පොළොන්නරුව දිස්ත‍්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව රෝහල හන්දියේ ඉදිකළ පිබිදෙමු පොළොන්නරුව වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (04) පස්වරුවේ එක් වෙමිනි.

පොළොන්නරුව නගරයේ ඉදි කළ මං තීරු හතරකින් යුත් නව මාර්ගයේ ඉදිකිරීම් වෙනුවෙන් ඉවත් කරනු ලැබූ වෙළෙඳ සැල් වෙනුවෙන් රුපියල් මිලියන 64 ක වියදමින් මෙම නව වෙළෙඳ සංකීර්ණය ඉදි කර ඇත.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට පොළොන්නරුව මහ නගර සභාවේ නගරාධිපති චානක රණසිංහ, තමන්කඩුව ප‍්‍රාදේශීය සභාවේ සභාපති පේ‍්‍රමසිරි මුණසිංහ, වෙළෙඳ ප‍්‍රජාවේ සභාපති අරුණ බස්නායක ඇතුළු පිරිසක් එක් විය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG