
හිටපු ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් දිව දහයේ දේශපාලනයක නිරතවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මුලතිව් සෙල්වපුරම් උදාගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කළ 101 වැනි ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 30කින් සමන්විත මෙම ගම්මානය ඉදිකිරීම සදහා රුපියල් ලක්ෂ 415ක් වැයකර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් / පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙයිකලනාදන් / වෛද්‍ය එස් සිවමෝහන් / ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
Post a Comment