
පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා ශීඝ්‍ර සංවර්ධන සංග්‍රාමයක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කිලිනොච්චියේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.
යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගත්තා. කිලිනොච්චි මණ්ඩපයේ රුපියල් මිලියන පන්දහසක වියදමින් ඉදිකළ ගොඩනැගිලි කිහිපයක් අග්‍රාමාත්‍යවරයා විවෘත කළා. උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය සහ ගුණාත්මකබව ඉහළ නැංවීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග වත්මන් රජය ගන්නා බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
Post a Comment