
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ජාතික හැදුනුම්පත් ගාස්තු සැප්තැම්බර් 01 දින සිට සංශෝධනය වන බව පුද්ගලයින් ලියපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කර හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා අයකරනු ලැබූ ගාස්තු 2018.09.01 දින සිට පහත පරිදි සංශෝධනය වේ.
වයස අවුරුදු පහළොවට එළඹ මුල්වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට – රු100.00
ජාතික හැඳුනුම්පත සංශෝධනය කර අනුපිටපතක් ලබා ගැනීමට – රු250.00
නැති වූ ජාතික හැඳුනුම්පතක් වෙනුවට අනුපිටපතක් ලබා ගැනීමට – රු500.00
මෙම ගාස්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ ග්‍රාම නිලධාරී කාර්යාලයට ගෙවා ලබා ගත් කුවිතාන්සිය ඉල්ලුම් පත්‍රයේ නොගැලවෙන සේ අලවා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත එවිය යුතුය.
යම් පුද්ගලයෙකුට මෙම ගාස්තු ගෙවීමට ආර්ථික අපහසුතා ඇත්නම් ගාස්තු ගෙවීමෙන් නිදහස් කිරීමට අදාල සහතිකයක් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වරයාගෙන් සහතික කර ඉල්ලුම්පත්‍රය සමග අමුණා එවිය යුතුය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබ ප්‍ර දේශයේ ග්‍රාමනිලධාරිගෙන් හෝ 0115226126 යන දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැකිය.
Post a Comment