
ඇමෙරිකාවේ, පුවෙට් රිකෝ දූපතට පසුගිය වසරේදී බලපෑ මරියා සුළි කුණාටුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව කොතෙක්ද යන්න 50 වන වතාවටත් වෙනස්කර තිබෙනවා. එම සංඛ්‍යාව 2975 ක් බවයි නවතම වාර්තාවේ සදහන් වන්නේ.
2017 සැප්තම්බර් මාසයේ දී පුවෙට් රිකෝ දූපතට බලපෑ මරියා සුළි කුණාටුව හේතුවෙන් එම දූපතට දැඩි හානි සිදුවුණා. මේ වනවිට සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළිවුණේ මියගිය සංඛ්‍යාව 2975 ක් බවයි. දිගුකාලයක් සිදුකළ ස්වාධීන පරීක්ෂණයකින් මේ බව හෙළිවූ බව එරට ආණ්ඩුකාර රිකාඩෝ රෝසෙලෝ පවසනවා. එම දූපතේ ජලය, විදුලිය ඇතුළු සනීපාරක්ෂක පහසුකම් මෙතෙක් සම්පූර්ණයෙන්ම යථාතත්වයට පත්කර නැහැ. පුවෙට් රිකෝ රාජ්‍යය නැවතත් ගොඩනැගීම සදහා ඇමෙරිකා කොංග්‍රසයෙන් ඩොලර් බිලියන 139 ක ආධාර මුදලක් ද ඉල්ලුම්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Post a Comment