
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය මොනරාගලදී පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කෙරෙමින් පවතිනවා.
ව්‍යවසායකයන් දිරිගන්වන 2025 මත පදනම් වූ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ තේමාව සංහිදියාව , ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනයයි. ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් බවට පත්කිරීමේ අරමුණෙන් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි. මේ පිළිබද ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය සංවිධාන කරන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. මෙම ප්‍රදර්ශනය මොනරාගලදී ආරම්භ වන්නේ හෙට දිනයේදීයි. ජනාධිපතිතුමාගේ ආශිර්වාදය හා උපදෙස් මත සංවිධාන කෙරෙන මෙම ප්‍රදර්ශනය විවෘත කෙරෙනුයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින්. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා , නීතිය හා සාමය පිලීබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රදර්ශන භූමිය නිරීක්ෂණය කිරිම සදහා මේ වන විට එහි ගොස් සිටිනවා.
Post a Comment