Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එකමුතුකමෙන් ලෝක ජනතාවට ප්‍රතිලාභ රැසක් අත්කර ගත හැකි බව අගමැති පවසයි  

Add comments

අවිශ්වාසය හා තරගකාරීත්වය ඉස්මතු කරනු වෙනුවට එදිරිවාදිකම් හා විරෝධතාවන් පසෙකලා එකමුතුව ක්‍රියා කිරීම තුළින් ලෝක ජනතාවට ප්‍රතිලාභ රැසක් අත්කර ගැනිමට හැකිවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. සමානාත්මතාව හා සෞභාග්‍යය සපිරි ලෝකයක් බිහි කිරීම උදෙසා අප ඉදිරියේ ඇති අනගි අවස්ථාව අත් හැරිය යුතු නැති බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ තුන්වන ඉන්දීය සාගර සමුළුවේ සමාරම්භක සැසිය අමතමින්. වියට්නාමයේ හැනෝයි නුවර පැවති මෙම සමුළුවට රටවල් 48 ක් නියෝජනය කරමින් 280 දෙනෙකු සහභාගී වුණා. එහිදී තවදුරටත් අදහස් දැක් වු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශතවර්ෂ ගණනාවකට පෙර සිටම ඉන්දීය සාගර කලාපීය රටවල් ඉන්දීය සාගරය ඔස්සේ වානිජ කටයුතුවල නිරත වූ බවයි. මෙම වානිජ කාර්යයන්හිදි ජාතිය, වර්ගය, ආගම හෝ සංස්කෘතිය ගැටලුවක් වුනේ නැති බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. අතීත නාවික මාර්ග අධ්‍යයනය කිරීමේදි නිදහස් සාගර ගමනාගමනය එකල පැවතුනු බව පැහැදිලියි. ඒ අතීත සම්ප්‍රදායන් යළි ස්ථාපිත කරමින් ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කරලීමෙන් යහපත් හා සෞභාග්‍යමත් අනාගතයක් ගොඩනගා ගැනීමට හැකි වන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය සමුළුව අමතමින් සදහන් කලේ සාගර කාර්යයන්ට එල්ල වන අභියෝගයන් ජයගත හැක්කේ නිවැරදි මාවතක් ඔස්සේ ගමන් කිරීමෙන් පමණක් බවයි. වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය ෆාම් බින් මින් මහතා සහ සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් මහතාද සමුළුව ඇමතුවා. සමාරම්භක උළෙල අමතමින් නේපාල නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය හා ජනගහන අමාත්‍ය උපේන්ද්‍ර යාදෙව් මහතා පෙන්වා දුන්නේ ඉන්දීය සාගරයේ ආරක්ෂාව ඉතා වැදගත් බවයි. අමාත්‍ය සාගල රත්නායක , අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමුළුවට එක්වූවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG