Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මින්නේරිය ජාතික වනෝද්‍යානය වසා ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍යයි  

Add comments

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ඊයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.  වනෝද්‍යානය වසා දමා ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවයි වනජීවි දෙපාර්තමේන්තු නිලධාරීන් පවසන්නේ.

මින්නේරිය ජාතික වනෝද්‍යානයට ඇතුළු වී නීතිවිරෝධී දැල් ආම්පන්න භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පිරිසක්  ඇල්ලීමට වනජීවි නිලධාරීන් උත්සාහ කළ අවස්ථාවේ දෙපිරිස අතර ගැටුමක් ඇති වුණා.  මෙම ගැටුමේදී තුවාල ලැබූ වන ජීවී නිලධාරීන් කිහිප දෙනෙකු හබරන රෝහලට ඇතුළත් කෙරුණා. මෙම තත්ත්වය හේතුවෙන්  මින්නේරිය ජාතික වනෝද්‍යානය සංචාරකයන් සදහා තාවකාලිකව වසා දැමීම ඊයේ පියවර ගත්තා.  එහෙත් මේ වන විට වනෝද්‍යානය සාමාන්‍ය පරිදි විවෘත  කර පැවතියද අදාල නිලධාරින් සේවය වාර්තා කිරීමේ ගැටළුවක් පවතින බවයි අමාත්‍යාංශ නිලධාරියකු ප්‍රකාශ කළේ.  ඊයේ සිදු වූ ගැටුම සම්බන්ධයෙන් නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද වන ජීවී නිලධාරීන් ඉල්ලා සිටිනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG